කළුබෝවිල රෝහලට නව වාට්ටු සංකීර්ණයක්

පසුගිය දිනවල නේවාසික කොවිඩ් ආසාදිතයන් වැඩිවීමේ අර්බුදයකට මුහුණ දී තිබූ කළුබෝවිල ශික්ෂණ රෝහලේ ධාරිතාව වැඩිකිරීම සඳහා ඉදිකළ නව වාට්ටු සංකීර්ණය අද රෝහල් බලධාරීන් වෙත භාරදීම සිදුකෙරුණි.

ඒ යුද හමුදාපති, ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතාගේ සහභාගීත්වයෙනි.

කරුණාකර අපේ ෆේස්බුක් පිටුව ලයික් කරන්න!

මහල් 8කින් යුත් නව ගොඩනැගිල්ලේ 4 , 5 සහ 6 යන මහල්වල යුද හමුදාවේ දායකත්වයෙන් එම වාට්ටු ඉදිකර ඇති අතර රෝගීන් 250 දෙනෙකුට එහි ප්‍රතිකාර ලබාදිය හැකිය.