30වැනි කොවිඩ් මරණය – 23 හැවිරිදි තරුණයෙක්: අද උදැසන ආසාදිතයින් 400ක්

ශ්‍රී ලංකාවේ සිදුවී ඇති 30වැනි කොවිඩ් -19 මරණය වාර්තා වූ බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ

ජනරාල් විශේෂඥ වෛද්‍ය අසේල ගුණවර්ධන පවසයි.

කරුණාකර අපේ ෆේස්බුක් පිටුව ලයික් කරන්න!

පෙරේදා  දින මියගොස්  ඇති එම රෝගියා අංගොඩ ජාතික බෝවන රෝග විද්‍යා ආයතනයෙන් ප්‍රතිකාර ලබමින් සිටි 23 හැවිරිදි මෝදර, කොළඹ 15 ප්‍රදේශයේ පිරිමි පුද්ගලයෙකි.

මෙම මරණයට හේතුව ලෙස අදාළ රෝගියාට දියවැඩියා රෝගයේ සංකූලතා සමඟ කොවිඩ් 19 වෛරසය ආසාදනයවීම බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා වැඩිදුරටත් පැවසීය