වැලිකඩ තවත් රැඳවියෝ 23 දෙනකුට කොරෝනා… විසිදෙදෙනෙක්ම කාන්තාවෝ…
වැලිකඩ තවත් රැඳවියෝ 23 දෙනකුට කොරෝනා… විසිදෙදෙනෙක්ම කාන්තාවෝ… කොළඹ මහල් නිවාස වැසියන්ටත් රතු එළි…. 563 දෙනෙක් ඊයේ සුවය ලබා පිටවෙති….
වැලිකඩ බන්ධනාගාරයේ කාන්තා අංශයේ තවත් රැදවි කාන්තාවන් විසිදෙදෙනකුට සහ පිරිමි අංශයේ දඩුවම් නියමව සිටි පුද්ගලයකුට ද කොරෝනා වෛරසය ආසාදනය වී ඇතැයි ඊයේ (06 වැනිදා) හඳුනාගෙන තිබිණි.
ඒ අනුව වැලිකඩ බන්ධනාගාරයේ මෙතෙක් හමුවූ ආසාදිතයන් ගණන තිහ දක්වා ඉහළ ගොස් ඇත.
වැලිකඩ බන්ධනාගාර රෝහලේ ඖෂධ සංයෝජකවරියකට කොරෝනා වෛරසය ආසාදනය වී ඇතැයි තහවුරු වීමෙන් පසුව කරන ලද පීසීආර් පරීක්ෂණ මගින් ආසාදිතයන් හත්දෙනකු පෙරේදා (05 වැනිදා) හඳුනාගෙන තිබුණි.
එම ආසාදිතයන් පිරිස හමුවීමත් සමග සිදු කළ පීසීආර් පරීක්ෂණවලින් මෙම ආසාදිතයන් විසිතුන්දෙනා හඳුනා ගත් බව උසස් බන්ධනාගාර නිලධාරියෙක් පැවසීය.
කොරෝනා වෛරසය ආසාදිත බවට අනාවරණය වූ සියලූම රැදවියන් කන්දකාඩු ප්‍රතිකාර මධ්‍යස්ථානය වෙත රැගෙන යෑමට ඊයේ සවස කටයුතු කෙරෙමින් තිබිණි.