වත්තල කෙරවලපිටිය සෙල්ලම්බඩු නිෂ්පාදන කර්මාන්ත ශාලාවේ තවත් සේවකයන් 68 දෙනකුට කොරෝනා
වත්තල කෙරවලපිටිය සෙල්ලම්බඩු නිෂ්පාදන කර්මාන්ත ශාලාවේ තවත් සේවකයන් 68 දෙනකුට කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බව ද ඊයේ අනාවරණය වී තිබිණි.
එම ආසාදිතයන් 68 දෙනාත් සමග දැනට එම කර්මාන්ත ශාලාවෙන් වාර්තා වී ඇති ආසාදිතයන් ගණන 119ක් වන අතර එහි සේවය කළ සේවකයන් 693 දෙනකු ස`දහා සිදු කළ පීසීආර් පරීක්‍ෂණ අනුව මේ දක්වා ලැබී තිබෙන වාර්තා මගින් එම පිරිස කොරෝනා ආසාදිතයන් ලෙස හදුනා ගෙන ඇත.
එහි සේවක සේවිකාවන්ගේ තවත් පීසීආර් වාර්තා 400ක් පමණ ලැබීමට නියමිත බව ද සෞඛ්‍ය අංශ සදහන් කළේය.