අනවශ්‍ය ඖෂධ රෝගීන්ගේ අතට පත්වීමේ ප්රවනතාවක්
කොරෝනා රෝගීන්ට ප්‍රතිකාර කරන වෛද්‍යවරුන් ඇතුළු සියළුම පාර්ශවයන්ට මාර්ගෝපදේශනයක් නිකුත් කර නොමැති වීමෙන් අනවශ්‍ය ඖෂධ රෝගීන්ගේ අතට පත්වීමේ ප්රවනතාවක් මතු වී ඇති බව සමස්ත ලංකා පෞද්ගලික ඔසුසැල් හිමිකරුවන්ගේ සංගමය පවසනවා.
එහි ලේකම් අනුරුද්ධ රණවක අප සමග සංවාදයකට එක්වෙමින් කියා සිටියේ කොවිඩ් නියුමෝනියාව වැළදෙන රෝගීන්ට ලබාදෙන ප්‍රමිතියෙන් තොර ඖෂධයක් ඉතා ඉහළ මිලකට මේ වන විට අලෙවි වෙමින් පවතින බවයි.