අද බිහි කළ නිවුන් අලි පැටවුන්

පින්නවල අලි අනාථාගාරයේදී අද (31) නිවුන් අලි පැටවු දෙදෙනෙක්ගේ උපතක් සිදුවී තිබේ.

සුරංගි නැමැති කෙණර විසින් එම පැටවුන් දෙදෙනා බිහිකර ඇති අතර ඇයව 1997 වසරේ දී පින්නවල අලි අනාථාගාරය වෙත රැගනෙවිත් තිබුණේ වසරක පමණ වයසේ සිටියදීය.

ඒ ත්‍රිකුණාමලය ප්‍රදේශයේ අතරමංව සිටියදීය.

අලුත උපන් අලි පැටවුන් දෙදෙනා සහ කෙණර යහපත් සෞඛ්‍ය තත්ත්වයෙන් පසුවන බවත් පැටවුන් දෙදෙනාම පිරිමි සතුන් බවත් පින්නවල අලි අනාථාගාරයේ නිලධාරීන් පැවසීය.

 

කරුණාකර අපේ ෆේස්බුක් පිටුව ලයික් කරන්න!