බස්නාහිරින් දිනකට කාබනික දියර පොහොර ලීටර දස දහසක්
කාබනික දියර පොහොර නිෂ්පාදනය පළාත් කිහිපයක ම ආරම්භ වී ඇති අතර, මේ වනවිට බස්නාහිර පළාතේ දිනකට ලීටර 5,000ත් 10,000ත් අතර ප්‍රමාණයක් නිෂ්පාදනය කරන බව බස්නාහිර පළාත් කෘෂිකර්ම අමාත්‍යාංශයේ ලේකම් නයනානන්ද නීල්වල ප්‍රකාශ කළා.
මේ වනවිට වගාබිම් රැසක සිදුකළ සමීක්ෂණ තුළින් වී වගාව, එළවළු, පලතුරු වගාව මෙන්ම තේ වගාව සඳහා ද මෙම කාබනික දියර පොහොර ප්‍රතිඵලදායක වී ඇති බවයි පැවසෙන්නේ.
එමෙන්ම, කාබනික දියර පොහොර භාවිත කරමින් මෙරට වගා කළ නො හැකි රතු දෙළුම් විශේෂය වගා කිරීමේ පර්යේෂණයක් ද සාර්ථක වී තිබෙනවා.