ඔක්සිමීටර සඳහා රුපියල් තුන්දහසක උපරිම සිල්ලර මිලක්
කොරෝනා වෛරසය පැතිර යාමත් සමග ඉහළ ඉල්ලුමක් පවතින ඔක්සිමීටර සඳහා රුපියල් 3000 උපරිම සිල්ලර මිලක් නියම කිරීමට ඖෂධ නිෂ්පාදනය, සැපයිම් හා නියාමන රාජ්‍ය අමාත්‍යංශය තීරණය කර තිබෙනවා.
ඊට අදාළ ගැසට් පත්‍රයද ඉදිරියේදී නිකුත් කිරීමට නියමිතයි.
මීට අමතරව ඔක්සිමීටර, ස්වයංක්‍රීය උෂ්ණත්වමාන සහ ඔක්සිජන් සාන්ද්‍රණ මෙරටට ගෙන්වීමට අවසර ලබාදීමේදී දැඩි ලෙස සැලකිලිමත් වන ලෙසටත් ඒවායෙහි ප්‍රමිතිය පිලිබද සොයා බලන ලෙසත් රාජ්‍ය අමාත්‍යවරයා නිලධාරීන්ට උපදෙස් ලබා දී තිබෙනවා.