ඔක්ලන්ඩ් පිහිඇනුම්කරු ශ්‍රී ලාංකිකයෙක්

නවසීලන්තයේ ඕක්ලන්ඩ් හි සිදු වූ වෙඩි තැබීමකින් ශ්‍රී ලාංකිකයෙකු ජීවිතක්ෂයට පත් ව තිබෙනවා.

එරට අග්‍රාමාත්‍ය ජසින්ඩා ආඩ්න් ප්‍රකාශ කළේ වසර 10ක් එරට රැඳී සිටි මෙම ශ්‍රී ලාංකිකයා එල්ල කළ ත්‍රස්ත ප්‍රහාරයකින් පසු පොලිසිය එල්ල කළ වෙඩි ප්‍රහාරයකින් ඔහු මෙලෙස මියගොස් ඇති බවයි.

කරුණාකර අපේ ෆේස්බුක් පිටුව ලයික් කරන්න!

නවසීලන්තයේ ඕක්ලන්ඩ් හි පිහිටි සුපිරි වෙළඳසැලකට අද ඇතුළු වූ මෙම ශ්‍රී ලාංකිකයා තියුණු ආයුධයකින් පහර දී පුද්ගලයින් 6 දෙනෙකුට තුවාල සිදු කර තිබුණා.

පසු ව සිද්ධිය පාලනය කිරීමට එරට පොලීසිය කටයුතු කර ඇති අතර, එහි දී සිදු කළ වෙඩි තැබීමකින් අදාළ පුද්ගලයා මියගොස් ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කළා.

මෙම පුද්ගලයා අයි.එස්. ත්‍රස්ත කණ්ඩායම සමඟ සබඳතා පවත්වා ඇති බවට ද තොරතුරු පවතින බව යි විදෙස් මාධ්‍ය වාර්තාවල වැඩිදුරටත් දැක්වුණේ.

2016 වසරේ සිට ඔහු පිළිබඳ ව එරට ආරක්ෂක අංශ අවධානයෙන් පසු වී ඇති බව ද වාර්තා වනවා.