අනවසර විදුලි රැහැනක ගැටීමෙන් පුද්ගලයෙක් මරුට
මහව කඩවලේ වැව ප්රදේශයේදී අනවසර විදුලි රැහැනක ගැටීමෙන් පුද්ගලයෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.
ඊයේ රාත්රී ඔහු මෙම අනතුරට ලක්ව ඇති බවයි පොලිසිය සඳහන් කළේ.
මියගොස් ඇත්තේ මහව ප්රදේශයේම පදිංචි 72 හැවිරිදි පුද්ගලයෙක්.
මෘත ශරීරය පශ්චාත් මරණ පරීක්ෂණය සඳහා කුරුණෑගල රෝහලේ තැන්පත් කර ඇති අතර මහව පොලිසිය පරීක්ෂණ ආරම්භ කර තිබෙනවා.
සිද්ධියට අදාළව මෙතෙක් කිසිවෙක් අත්අඩංගුවට ගෙන නැහැ.