බස්නාහිර පළාතේ සහ ගාල්ල දිස්ත්‍රික්කයේ වයස 20 – 29ත් අතර අයට එන්නත

බස්නාහිර පළාතේ සහ ගාල්ල දිස්ත්‍රික්කයේ වයස 20 – 29ත් අතර අයට  එන්න්තකරණය හෙට (06) සිට ආරම්භ කරන බව යුද හමුදාපති, ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා පවසනවා.

ඒ අනුව වර්තමාන එන්නත්කරණය සිදුකෙරෙන මධ්‍යස්ථානවලදී සහ සියලුම රෝහල්වලදී එම වයස් ඛාණ්ඩය සඳහා ද එන්නත් ලබාදීම සිදු වනවා.

කරුණාකර අපේ ෆේස්බුක් පිටුව ලයික් කරන්න!

යුද හමුදාපතිවරයා වැඩිදුරටත් සඳහන් කළේ අදාළ දිස්ත්‍රික්කවල පදිංචි පුද්ගලයින් සඳහා පමණක් මෙම මධ්‍යස්ථානවලදී එන්නත් ලබාදීම සිදුකෙරෙන බවයි.

මේ අතර කොළඹ පදිංචි වයස අවුරුදු 20ත් 29ත් අතර පුද්ගලයින් එන්න්තකරණය දියත උයන, විහාරමහාදේවී උද්‍යානය, පනාගොඩ සහ වේරහැර හමුදා රෝහල්වලදී ද සිදුකෙරේ.