කොටි සංවිධානයේ හිටපු භාෂා පරිවර්තක මියයයි

එල්.ටී.ටී.ඊ. සංවිධානය සක්‍රීයව පැවතී සමයේ එම සංවිධානයේ ප්‍රධාන භාෂා පරිවර්ථක ලෙසින් කටයුතු කරන ලද ජෝර්ජ් මාස්ටර් ලෙසින් හැඳින්වූ වෙලුපිල්ලෙයි කුමාර් පංචරත්නම් ඊයේ (05) දින යාපනයේදී මිය ගොස් ඇත.

යාපනය කයිතඩි ප්‍රදේශයේ පිහිටි වැඩිහිටි නිවාසයක අවසන් කාලය ගෙවා තිබූ ජෝර්ජ් මාස්ටර් මිය යන විට 85 වැනි වියේ පසු වීය.

කරුණාකර අපේ ෆේස්බුක් පිටුව ලයික් කරන්න!

ඊයේ දින ජොර්ජ් මාස්ටර් මිය යාමෙන් පසුව ඔහුගේ උපන් ප්‍රදේශය වූ මුලතිව් මල්ලාවි ප්‍රදේශයට මළ සිරුර රැගෙන යාමෙන් අනතුරුව නිරෝධායන නීතීන්ට අනුව ඊයේ දිනම මල්ලාවි පොදු සුසාන භූමියේදී අවසන් කටයුතු සිදු කරන ලදි.

ජෝජ් මාස්ටර් නොහොත් වෙලුපිල්ලේ කුමාර් පංචරත්නම් එල්.ටී.ටී.ඊ. සංවිධානය පැවති සමයේදී එම සංවිධානයේ නායක වේලුපිල්ලේ ප්‍රභාකරන්ගේ ප්‍රධාන භාෂා පරිවර්ථක ලෙසින්ද රජය සහ කොටි සංවිධානය අතර වූ සාම සාකච්ඡා සමයේදීද භාෂා පරිවර්ථක ලෙසින් කටයුතු කිරීමේදී ජාත්‍යන්තරයේදී වඩාත් ප්‍රසිද්ධිය පත් වූ පුද්ගලයෙකි.

ජෝර්ජ් මාස්ටර් 1936 දී උපත ලබා තැපල් ස්ථානාධිපතිවරයෙක් වශයෙන් මුලදී සේවය කොට ඇති අතර පසුව 1994 දී එල.ටී.ටී.ඊ. සංවිධානයේ ප්‍රධාන භාෂාපරිවර්ථක ලෙසින් එක්ව යුද්ධය අවසන් වකවානුව දක්වාම කටයුතු කරන ලදි.