නවසීලන්තය යළි විවෘත කෙරේ

ඕක්ලන්ඩ් නුවර හැර නවසීලන්තයේ අනෙකුත් ප්‍රදේශවලට පනවා ඇති නිරෝධායන නීති බදාදා ලිහිල් කෙරෙන බව අද නිවේදනය කෙරුණා.

ඩෙල්ටා කොරෝනා ප්‍රභේදය මර්දනය කිරීමේ සටන අවසන් අදියරට පැමිණ ඇති බවයි එම තීරණය ප්‍රකාශයට පත්කරමින් අගමැතිනි ජසින්ඩා ආර්ඩ්න් ප්‍රකාශ කළේ.

කරුණාකර අපේ ෆේස්බුක් පිටුව ලයික් කරන්න!

කොරෝනා වසංගතය ඉතා හොඳින් පාලනය කළ නවසීලන්තයේ නව කොරෝනා පොකුරක් ඇති වූයේ ඔස්ට්‍රේලියාවේ සිට පැමිණි සංචාරකයෙකුගෙන්.

ඉන් පසු ව රට පුරා දැඩි නිරෝධායන නීති පැනවීමට එරට රජය තීරණය කළා.

දැන් අනෙකුත් ප්‍රදේශවල නිරෝධායන නීති ලිහිල් කළ ද මිලියන 1.7ක් වෙසෙන ඕක්ලන්ඩ් නුවර ලබන 14 වැනි දා දක්වා තවදුරටත් වසා තැබෙනු ඇති.