වැව අමුණු 1400ක ප්‍රතිසංස්කරණ ඇරඹේ

වාරි මාර්ග අමාත්‍යාංශය ක්‍රියාත්මක කරන ‘වාරි සෞභාග්‍’යා ජාතික වාරි ප්‍රතිසංස්කරණ වැඩසටහන යටතේ ගෙවී ගිය මාස 7ක් ඇතුළත ග්‍රාමීය වැව් සහ අමුණු 1,400ක ප්‍රතිසංස්කරණ කටයුතු අරඹා තිබෙනවා.

වාරි මාර්ග අමාත්‍යාංශය සඳහන් කළේ, ඒ අතරට ග්‍රාමීය වැව් අමුණු 1,200ක් සහ වාරි ඇළ මාර්ග 200ක් ඇතුළත් බවයි.

කරුණාකර අපේ ෆේස්බුක් පිටුව ලයික් කරන්න!

වාරි සෞභාග්‍යා ජාතික වාරි ප්‍රතිසංස්කරණ ව්‍යාපෘතිය යටතේ ප්‍රතිසංස්කරණය සඳහා වැව් අමුණු සහ වාරි ඇල මාර්ග 5,000ක් තෝරා ගැනෙනවා.

දැනට ප්‍රතිසංස්කරණ කටයුතු අරඹා ඇති වැව් අමුණුවලට අමතර ව ඉදිරි වසර 3 තුල දී යෝජිත 5,000 ඉලක්කය සපුරාලීමට යි වාරිමාර්ග අමාත්‍යාංශය සැලසුම් කර ඇත්තේ.

මෙම වැඩසටහන පසුගිය පෙබරවාරි 5 වන දා ආරම්භ කෙරුණේ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂගේ ප්‍රධානත්වයෙන්.