කොටස් වෙළඳපොලේ අද වර්ධනයක්

කොළඹ කොටස් වෙළඳපොලේ මිල දර්ශක අද කැපී පෙනෙන වර්ධනයක් පෙන්නුම් කල අතර සමස්ථ මිල දර්ශකය ඒකක 222.19කින් එනම් සියයට 2.54කින් ඉහළ ගියා.

ඒ අනුව අද ගණුදෙණු අවසානයේ සමස්ථ දර්ශකය සටහන් වූයේ 8,986.40ක් ලෙසයි.

කරුණාකර අපේ ෆේස්බුක් පිටුව ලයික් කරන්න!

ප්‍රධාන පෙළේ සමාගම් 20 නියෝජනය කරන එස් ඇන්ඩ් පී ශ්‍රී ලංකා ටුවෙන්ටි දර්ශකයද ඒකක 66.81කින් ඉහළ ගිය අතර දිනය අවසානයේ සටහන් වූයේ 3379.83ක් ලෙසයි.

කොටස් වෙළඳපොලේ අද දිනයේ මුලු පිරි වැටුම රුපියල් බිලියන 5.7ක්.