අනියම් සබඳතාව හේතුවෙන් සැමියා බිරිඳ ඝාතනය කර සියදිවි හානි කරගෙන … (Video)
කැස්බෑව – බටුවන්දර ප්‍රදේශයේ දී පුද්ගලයකු සිය බිරිඳ ඝාතනය කර, සියදිවි හානි කර ගැනීමේ සිද්ධියක් සම්බන්ධයෙන් පොලීසිය විමර්ශන ආරම්භ කර තිබෙනවා.
පොලිසිය සඳහන් කළේ, බිරිඳගේ අනියම් සබඳතාවක් හේතුවෙන් සැමියා විසින් මෙම ඝාතනය සිදුකර ඇතැ යි අනාවරණය වී ඇති බවයි.
ඔවුන් පදිංචි නිවසේ දී අදාළ පුද්ගලයා බිරිඳ ව ඝාතනය කර සියදිවි හානි කරගෙන තිබුණේ ඊයේ රාත්‍රියේදි යි.
ඒ අනුව මියගිය කාන්තාවගේ සිරුර නිදන කාමරයේ බිම දමා තිබූ මෙට්ටයක් මත තිබී හමු වී තිබුණා.
ඝාතනය සිදුකර දිවි හානිකරගත් සැමියා විසින් ලියන ලද බවට සැක කරන ලද ලිපියක් ද නිවසේ තිබී හමු වී තිබෙනවා.
මෙලෙස මිය ගොස් ඇත්තේ කැස්බෑව – බටුවන්දර ප්‍රදේශයේ පදිංචිව සිටි 39 හැවිරිදි සැමියා සහ 28 හැවිරිදි බිරිඳයි.