ඇමති බන්දුල තවත් වගකීමක් භාරගනී
ආනයන පාලනය සඳහා මහ බැංකුව ගත් නව තීන්දු හේතුවෙන් රට තුල කිසිදු යට ඇඳුම් හිඟයක් හෝ නිමි ඇඳුම් හිඟයක් ඇති නොවන බව වෙළඳ අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන පවසනවා.
කොළඹ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් අමාත්‍යවරයා කියා සිටියේ, ප්‍රමාණවත් ඇඳුම් නිෂ්පාදන, දේශීය නිෂ්පාදකයන් සතුව පවතින බවයි.
මේ අතර එම මාධ්‍ය හමුවට ශ්‍රී ලංකා ඇගලුම් සන්නාම සංගමයේ නියෝජිතයන්ද එක්ව සිටි අතර එහි සභාපති ලලන්ත වතුදොර සඳහන් කළේ, මහ බැංකුවේ නව මූල්‍ය ප්‍රතිපත්ති දේශීය නිෂ්පාදකයන්ට හිතකර බවයි.