ඉන්ධන හිඟයක් නැහැ

සපුගස්කන්ද ඉන්ධන පිරිපහදුවේ සේවකයින් ඉන්ධන බෙදාහැරීමෙන් වැලකීම හමුවේ මෙරට තුල ඉන්ධන හිඟයක් ඇතිවීමේ කිසිදු ඉඩක් නොමැති බව ලංකා ඛණිජ තෙල් නිතී ගත සංස්ථාව පවසනවා.

ඉන්ධන බෙදා හැරීමේ කටයුතු සෙනසුරාදා දිනයේදී සිදු නොකිරීමට පාලන අධිකාරිය විසින් ගත් තීරණයකට විරෝධය පල කරමිනුයි සේවකයන් එලෙස ඉන්ධන බෙදා හැරීමෙන් වැලකී සිටියේ.

කරුණාකර අපේ ෆේස්බුක් පිටුව ලයික් කරන්න!

මේ සම්බන්ධයෙන් අප ලංකා ඛණිජතෙල් නීතිගත සංස්ථාවේ සභාපති සුමිත් විජේසිංහගෙන් විමසීමක් කළා.

ඔහු කියා සිටියේ කොරෝනා ව්‍යාප්තිය හමුවේ නිරෝධායන ඇඳිරිනීතිය පනවා තිබීම හේතුනේ සෙනසුරාදා ඉන්ධන බෙදා හැරීමේ කටයුතු අත්හිටුවීමට තීරණය කලත් සේවකයන් සමග සාකච්ඡා කර විසඳුමකට එළඹෙන බවයි.