කොළඹ සිට පොතුවිල් දක්වා මුහුදු රළ ඉහළ යෑමේ හැකියාවක් : කාළගුණ විද්‍යා දෙපාර්තමේන්තුව

කොළඹ සිට ගාල්ල සහ හම්බන්තොට හරහා පොතුවිල් දක්වා වන වෙරළ ආසන්න මුහුදු ප්‍රදේශවල මුහුදු රළ ඉහළ යෑමේ හැකියාවක් පැවතිය හැකි බව කාළගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

එහි නියෝජ්‍ය අධ්‍යක්ෂ මෙරිල් මෙන්ඩිස් මහතා සඳහන් කළේ මේ හේතුවෙන් මුහුදු රළ ගොඩ බිමට පැමිණීමේ හැකියාවක්ද පවතින බවය.

කරුණාකර අපේ ෆේස්බුක් පිටුව ලයික් කරන්න!

ධීවර සහ නාවුක ප්‍රජාව මෙන්ම වෙරළ ආසන්නයේ ජීවත්වන ජනතාව ද මේ පිළිබදව අවධානයෙන් කටයුතු කළයුතු බව මෙරිල් මෙන්ඩිස් මහතා ප්‍රකාශ කළේය.