ජී.එල්. අද ජිනීවා සැසිය අමතයි
ශ්‍රී ලංකා විදේශ අමාත්‍ය මහාචාර්ය ජී එල් පීරිස් අද ස්විට්සර්ලන්තයේ ජිනීවා නුවර පැවැත්වෙන ජගත් මානව හිමිකම් කවුන්සිලයේ 48 වන සැසිවාරය ඇමතීමට නියමිතයි.
ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් වාචික වාර්තාවක් ඉදිරිපත් කරමින් මානව හිමිකම් මහ කොමසාරිස්වරිය විසින් ඊයේ එල්ලකල චෝදනාවලට එහිදී පිළීතුරු දෙනු ඇතැයි අපේක්ෂිතයි.
හදිසි නීති රෙගුලාසි බලාත්මක කිරීම , සිවිල් ක්‍රියාකාරීන් මර්දනය ඇතුලු චෝදනා රැසක් මහ කොමසාරිස්වරිය විසින් ඊයේ ඉදිරිපත් කර තිබුණා.
අදාළ වාර්තාව පිළිබඳ විවාදය අද පැවැත්වෙන අතර සාමාජික රටවල් – සිවිල් සංවිධාන ඇතුලු පාර්ශව ගණනාවක් අද ශ්‍රී ලංකාව පිළිබඳ අදහස් දක්වනු ඇති.