කබ්රාල් මහබැංකු අධිපති ලෙස වැඩ භාරගැනීම අද
අමාත්‍යාංශ ලේකම්වරයෙකු මෙන්ම වසර 9කට ආසන්න කාලයක් මහබැංකුවේ අධිපති ධුරය ද හෙබ වූ ප්‍රවීණ වරලත් ගණකාධිකාරීවරයෙකු වෙන අජිත් නිවාඩ් කබ්රාල් ශ්‍රී ලංකා මහබැංකුවේ නව අධිපතිවරයා ලෙස අද පෙරවරුවේ වැඩ භාර ගැනීමට නියමිතයි.
ඒ, මෙරට 16 වැනි මහබැංකු අධිපතිවරයා ලෙසයි.
ශ්‍රී ලංකා මහබැංකුවේ නව අධිපතිවරයා ලෙස අජිත් නිවාඩ් කබ්රාල් පසුගිය දා යළි පත් කරනු ලැබුවේ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ විසින්.
අජිත් නිවාඩ් කබ්රාල් මීට පෙර රාජ්‍ය අමාත්‍යවරයෙකු ලෙස කටයුතු කළ අතර, ඔහු එම ධුරයෙන් ඉල්ලා අස් වූ බවට පසුගිය දා පාර්ලිමේන්තු මහලේකම්වරයා වෙත ද දැනුම් දුන්නා.
ඒ අනුව ඔහු ඉල්ලා අස්වීමෙන් පුරප්පාඩු වූ ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුරය සඳහා ජයන්ත කැටගොඩ නම් කරනු ලැබුවා.
හිටපු මහබැංකු අධිපති ඩබ්ලිව්.ඩී. ලක්ෂ්මන් ඊයේ සිය ධුරයෙන් විශ්‍රාම ගත් අතර, මහබැංකු කාර්ය මණ්ඩලය හමු වී පෙරේදා ඔහු සමුගෙන තිබුණා.