ළමයින්ට කොරෝනා එන්නත් දීමේ වයස් සීමාව ගැන, තීරණය අද

එන්නත්කරණයට ලක් කරන ළමයින්ගේ වයස් සීමාවන් සම්බන්ධයෙන් තීරණය කෙරෙන සාකච්ඡාවක් අද පැවැත්වීමට නියමිතයි.

සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල ප්‍රකාශ කළේ පාසල් විවෘත කිරීම කේන්ද්‍ර කර ගනිමින් අදාළ සාකච්ඡාව පැවැත්වෙන බවයි.

කරුණාකර අපේ ෆේස්බුක් පිටුව ලයික් කරන්න!

මේ අතර, කඩිනමින් පාසල් විවෘත කිරීමේ අවශ්‍යතාව පවතින බව රාජ්‍ය අමාත්‍ය විශේෂඥ වෛද්‍ය සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ ප්‍රකාශ  කළා.

ඒ සඳහා විද්‍යාත්මක ක්‍රමවේදයක් යටතේ පරීක්ෂණ පැවැත්වීමෙන් අනතුරුව කරුණු සලකා බලා ළමයින් සදහා එන්නත ලබාදීමට කටයුතු කරන බවයි ඇය සදහන් කළේ.

කෙසේ වෙතත් නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය හේමන්ත හේරත් ප්‍රකාශ කළේ එන්නත්කරණය පාසල් විවෘත කිරීමට ප්‍රධානම සාධකය නොවන බවයි.

කෙසේ වෙතත්, කොළඹ ඊයේ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය හේමන්ත හේරත් ප්‍රකාශ කළේ එන්නත්කරණය පාසල් විවෘත කිරීමට ප්‍රධානම සාධකය නොවන බවයි.