විදුලිබල මණ්ඩලය , ආර්ථික අර්බුදයකට මුහුණ දෙමින් සිටින බව රජය කියයි..

අද වන විට ලංකා විදුලිබල මණ්ඩලය විශාල ආර්ථික අර්බුදයකට මුහුණ දෙමින් සිටින්නේ යැයි විදුලිබල ඇමැති ගාමිණී ලොකුගේ මහතා සඳහන් කරයි.

මෙම තත්වය ඇතිව තිබෙන්නේ විදුලි පාරිභෝගිකයන් විදුලි බිල් ගෙවීම දිගින් දිගටම පැහැර හැරීම හේතුවෙන් බවත් පැවසූ ඔහු බිල් ගෙවීමට පාරිභෝගිකයන් උනන්දු කිරීම සදහා විවිධ ක්‍රියාමාර්ග ගෙන ඇති බවද කියා සිටියේය.

කරුණාකර අපේ ෆේස්බුක් පිටුව ලයික් කරන්න!

අද පැවති මාධ්‍ය හමුවකදී ඔහු මෙසේද සඳහන් කළේය.

‘තවත් මාසයක් දෙන්න ගියොත් අපි අමාරුවේ වැටෙනවා. දැනට විදුලි බිල් විතරක් බිලියන 44ක් විතර අය වෙන්න තියෙනවා.

දැනට අපි ඒවට පොළිය එකතු කරන්නේ නෑ. 12% අතුරු ගෙවීමක් දාලා අපි දැන් ඒ අයව උනන්දු කරනවා. පුළුවන් අයත් ගෙවන්නේ නෑ. ඒකයි ගැටලුව.

අපි ඉල්ලන්නේ විදුලි බිල් ගෙවන්න කියලයි’