සුරාසැල් විවෘත කිරීමට අවසර ලබාදී ඇති බවට පළවන මාධ්‍ය වාර්තා අසත්‍යයි
අද (17) දිනයේ සිට බීර වර්ග අලෙවි කරන ස්ථාන විවෘත කිරීමට අවසර ලබාදී ඇති බවට පළවන මාධ්‍ය වාර්තා අසත්‍ය බව සුරාබදු කොමසාරිස් ජනරාල් එම්.ජේ. ගුණසිරි පවසනවා.
කෙසේවෙතත් මත්පැන් අලෙවිසැල් විවෘත කරන බවට පළවූ මාධ්‍ය වාර්තා හේතුවෙන් දිවයිනේ ප්‍රදේශ කිහිපයක මත්පැන් අලෙවිසැල් විවෘත කර තිබූ අතර ඒ අසල දිගු පෝලිම් ද දක්නට ලැබුණා.
කෙසේවෙතත් විදේශීය සංචාරකයින් සඳහා සංචාරක හෝටල්වල සුරාබදු බලපත්‍ර ක්‍රියාත්මක කරලීම සඳහා සුරාබදු කොමසාරිස්වරයා විසින් පසුගියදා අවසර ලබාදෙනු ලැබුවා.