මනුෂ නානායක්කාර අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට
සමගි ජන බලවේගයේ මාධ්‍ය ප්‍රකාශක, පාර්ලිමේන්තු මන්ත්‍රී මනුෂ නානායක්කාර අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවට කැඳවා තිබෙනවා.
ඒ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් ක්‍රියාත්මක කරනු ලබන පරීක්ෂණයකට සහාගීවීම සඳහායි.
අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ පරිඝනක වෝහාරික විගණන අංශය මගින් සිදුකරනු ලබන විමර්ශනයකට තොරතුරු ලබාගැනීම සඳහා ලබන 20 වැනිදා ඩිජිටල් වෝහාරික විද්‍යාගාරයේ ස්ථානාධිපතිවරයා හමුවට පැමිණෙන ලෙසයි මන්ත්‍රීවරයාට දැනුම්දී ඇත්තේ.
කෙසේ වෙතත් තමන් කැඳවා ඇත්තේ කුමන විමර්ශණයටදැයි යන්න අනාවරණය නොකිරීම නිසා නීතීඥ උපදෙස් මත ඉදිරි පියවර ගන්නා බව මනුෂ නානායක්කාර මහතා සඳහන් කලා.
සිය ෆේස්බුක් ගිණුමේ සටහනක් තබමින් ඔහු ප්‍රකාශ කලේ ඕනෑම නීත්‍යානුකූල විමර්ෂණයකට අදාලව සාක්ෂි ලබාදීමටත්, එකී පරීක්ෂණ ඉදිරියට ගෙන යාමටත් සිය උපරිම සහාය ලබාදීමට සෑම විටම බැදී සිටින බවයි.
එහෙත් සිදුවන විමර්ෂණය පිළිබද නිසි කරුණු දැක්වීමකින් තොරව කරනු ලබන කැදවීමක් සම්බන්ධයෙන් වැඩිදුර නීතිමය උපදෙස් පැතිය යුතුව ඇතැයිද මනූෂ නානායක්කාර තබා ඇති සටහනේ වැඩිදුරටත් සඳහන්.