කෘතහස්ත පුවත්පත් කලාවේදියකු වූ ඩබ්ලිව්.ජී.ගුණරත්න මහතා සමුගනී
ශ්‍රී ලංකාවේ ජනමාධ්‍ය ක්ෂේත්රයට අනූපමේය සේවයක් ඉටුකළ කෘතහස්ත පුවත්පත් කලාවේදියකු වූ ඩබ්ලිව්.ජී.ගුණරත්න මහතා ඊයේ (17) අළුයම අභාවප්‍රාප්ත වූයේය.
මාතර තිහගොඩ උපන් ඔහු මියයන විට 83 හැවිරිදි වියේ පසු වූයේය. ඩල්සි ගුණරත්න මහත්මිය සමඟ විවාහ වී සිටි ඒ මහතා නිමාලි, නදී, ප්‍රසාද් සහ දර්ශන නමැති දරුවන් සිව් දෙනකුගේ පියෙකි.
මාතර රාහුල විද්‍යාලයේ ආදි ශිෂ්‍යයකු වූ ගුණරත්න මහතා ලේක්හවුස් ආයතනයේ තිහගොඩ ප්‍රාදේශීය වාර්තාකරු ලෙස 1967 වර්ෂයේ දී සිය පුවත්පත් ජීවිතය ආරම්භ කළේය.
පසුව “ජනතා” පුවත්පතේ මාණ්ඩලික වාර්තාකරුවකු ලෙස ලේක්හවුස් ආයතනයේ ස්ථිර රැකියාවට සම්බන්ධ වූ ඒ මහතා ඉන් පසු, දිනමිණ පුවත්පතට සම්බන්ධ වී එහි ප්රවෘත්ති කර්තෘවරයා ලෙස ද කටයුුත කළේය. Sunday Obsever පුවත්පතේ ද සේවය කළ අතර සිළුමිණ නියෝජ්‍ය කර්තෘවරයා ලෙස ද කටයුතු කළේය.
ලේක්හවුස් ආයතනයේ සේවය කරමින් සිටිය දී ඇමෙරිකාවේ මිචිගන් විශ්වවිද්‍යාලයේ ශිෂ්‍යත්වයක් ලැබ ජනමාධ්‍ය පිළිබඳ පුහුණුවක් ද ලැබුවේය.
මේ අතර චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග ජනාධිපතිනියගේ මාධ්‍ය ඒකකයට ලේක්හවුස් ආයතනය මගින් අනුයුක්ත කර සිටි ගුණරත්න මහතා පසුව ලංකාදීප පුවත්පතට හා සම්බන්ධ වී දීර්ඝ කාලයක් එහි ප්‍රාදේශීය ප්‍රවෘති කර්තෘවරයා ලෙස කටයුතු කළේය. lankadeepa.lk වෙබ් අඩවියේ ආරම්භක කර්තෘවරයා වූයේ ද ඩබ්ලිව්.ජී.ගුණරත්න මහතාය
සිංහල සහ ඉංග්‍රීසි භාෂා ප්‍රවීණයකු වූ ගුණරත්න මහතා මෙරට පුවත්පත් කලාවේදීන් රැසකගේ ගුරුවරයකු ලෙස පිළිගැනේ. ශ්‍රී ලංකා පුවත්පත් ආයතනය හා ජනමාධ්‍ය විද්‍යාලය සමඟ එක්ව මාධ්‍යවේදීන් පුහුුණු වැඩසහන් රැසකට සිය දැනුම හා අත්දැකීම් එක්කරමින් දායක වූ හෙතෙම මාධ්‍යවේදීන් රැසකගේ ගුරුවරයකු ලෙස ද පිළිගැනීමට ලක්ව සිටියේය.
එමෙන් ම ඔහු මෙරට ප්‍රාදේශීය මාධ්‍යවේදීන් වෙනුවෙන් සුවිශාල මෙහෙවරක් කරන ලද, ඔවුන්ගේ ගැටලු සඳහා විසඳුම් ලබා දීමට වෙහෙස වූ ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදියකු ලෙස පිළිගැනීමට ලක්ව ඇත.
කලක් රෝගාතුරව සටි ඔහු දින කිහිපයකට පෙර කොරෝනා ආසාදිතව කළුබෝවිල ශික්ෂණ රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටිය දී අද සිය දිවි ගමන නිමා කළේය.
– සිරංගිකා ලොකුකරවිට