කඳාන, මහබාගේ ත් හුදකලා කරයි

කඳාන සහ මහබාගේ යන පොලිස් වසම් මේ මොහොතේ සිට නැවත දැනුම්දෙනතුරු හුදකලා ප්‍රදේශ වශයෙන් නම් කරන බව Covid-19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය දැනුම් දෙයි.

 

අඟුලාන උතුර, අඟුලාන දකුණ හුදකලා කරයි

කරුණාකර අපේ ෆේස්බුක් පිටුව ලයික් කරන්න!

මොරටුව පොලිස් බල ප්‍රදේශයේ අඟුලාන උතුර හා අඟුලාන දකුණ යන ග්‍රාම නිලධාරී වසම් දෙක මේ මොහොතේ සිට නැවත දැනුම්දෙනතුරු හුදකලා ප්‍රදේශ වශයෙන් නම් කරන බව Covid-19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය දැනුම් දෙයි.

මීට කලින් අද දිනයේදී එම මධ්‍යස්ථානය දැනුම් දී තිබුණේ හුදකලා කළ ප්‍රදේශ කිහිපයක් මුදාහරින බවයි.

එලෙස මුදාහැරි ප්‍රදේශ නම් :
කුරුණෑගල නගර සභා සීමාවේ ඉලිප්පුගෙදර සහ කඩවීදිය ග්‍රාම නිලධාරී කොට්ඨාස හැර සෙසු ග්‍රාම නිලධාරි කොට්ඨාස

කුලියාපිටිය පොලිස් බලදේශයේ ගලගෙදර, හම්මලව, සහ ඉහළ කළුගමුව යන ග්‍රාම නිලධාරී කොට්ඨාස හැර සෙසු ග්‍රාම නිලධාරී කොට්ඨාස