මත්තලට අලුතින් එන ජාත්‍යන්තර ගුවන් සේවාවලට විශේෂ සහන

මත්තල රාජපක්ෂ ජාත්‍යන්තර ගුවන් තොටුපොළේ කාලසටහන්ගත ගුවන් මෙහෙයුම් ආරම්භ කරන ගුවන් සමාගම් සඳහා, විශේෂ සහන පැකේජයක් ලබාදෙන බව සංචාරක අමාත්‍ය ප්‍රසන්න රණතුංග පවසනවා.

මත්තල ගුවන් තොටුපොළ සඳහා ජාත්‍යන්තර ගුවන් සමාගම් ආකර්ශනය කර ගැනීම එහි අරමුණයි.

කරුණාකර අපේ ෆේස්බුක් පිටුව ලයික් කරන්න!

ඒ අනුව මෙතෙක් මත්තල ගුවන් තොටුපොළට මෙහෙයුම් සිදු නො කළ ජාත්‍යන්තර ගුවන් සමාගම් එම ගුවන් තොටුපොළේ මෙහෙයුම් ආරම්භ කරන දිනයේ සිට වසර දෙකක කාලයක් සඳහා ඩොලර් හැටක ගුවන් තොටුපොළ විගමන බද්ද අය නො කිරීමට යි යෝජනා වී ඇත්තේ.

මීට අමතර ව ගුවන් යානා ගොඩබැසීම් හා නැවතුම් ගාස්තු සඳහා ද සහන ලබාදීමට සැලසුම් කර තිබෙනවා.

ඒ අනුව මත්තල ගුවන් තොටුපොළ වෙත මෙහෙයුම් ආරම්භ කරන දිනයේ සිට වසර හතරක් දක්වා එම ගාස්තු සඳහා වට්ටම් ලබාදීමට නියමිත බවයි සංචාරක අමාත්‍යාංශය වැඩිදුරටත් නිවේදනය කළේ.