සහල්, කිරිපිටි, සිමෙන්ති හා ගෑස් ගැන අවසන් තීරණය අද

ජීවන වියදම් කමිටුව අද පෙරවරු 10ට රැස්වීමට නියමිත ව තිබෙනවා.

ඒ, අරලියගහ මන්දිරයේදී යි.

පාරිභෝගික ආරක්ෂණ රාජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්න කියා සිටියේ, කිරිපිටි මිල වැඩි කිරීමට ඉදිරිපත් වී ඇති යෝජනා සම්බන්ධයෙන් එහි දී සාකච්ඡා කිරීමට නියමිත බවයි.

එසේම, ගෑස්, සිමෙන්ති, සහල් සහ තිරිඟු පිටි සම්බන්ධයෙන් මතු ව ඇති ගැටලු පිළිබඳව ද අද සාකච්ඡාවේ දී අවධානය යොමු වනවා.