පාසල් දරුවන් එන්නත්කරණය අද ඇරඹේ
පාසල් දරුවන් සඳහා එන්නත්කරණය සිදු කිරිම අද ආරම්භ වනවා.
ඒ අනුව පළමුව එන්නත්කරණය සිදු කරනු ලබන්නේ අවුරුදු 12ත්, 19ත් අතර දීර්ඝ කාලීන රෝගවලින් පෙළෙන සහ විශේෂ ආබාධ සහිත දරුවන්.
දරුවන් සඳහා සිදු කරන එන්නත්කරණ වැඩසටහන වයස් කාණ්ඩ 03ක් යටතේ සිදුකිරීමට නියමිතයි.
එහි පළමු අදියර ලෙස අවුරුදු 12ත්, 19ත් අතර දීර්ඝ කාලීන රෝගවලින් පෙළෙන සහ විශේෂ ආබාධ සහිත දරුවන් සඳහා එන්නත් ලබාදෙන අතර, කොළඹ රිජ්වේ ආර්යා ළමා රෝහල, අනුරාධපුර සහ කුරුණෑගල රෝහල්වල දී අද මෙම එන්නත්කරණ වැඩසටහන ආරම්භ වනු ඇති.
විශේෂඥ වෛද්‍යවරුන්ගේ පූර්ණ අධීක්ෂණය යටතේ දරුවන්ගේ එන්නත්කරණ කටයුතු සිදුකරන බවයි සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන කියා සිටියේ.