සෞන්දර්ය ප්‍රායෝගික පරීක්ෂණ පාසල් විවෘත කිරීමෙන් පසු

2020 සාමාන්‍ය පෙළ විභාගයේ ප්‍රතිඵල ඊයේ රාත්‍රියේ නිකුත් කෙරුණා.

කොරෝනා ව්‍යාප්තිය හේතුවෙන් මෙවර සාමාන්‍ය පෙළ විභාගයේ සෞන්දර්ය විෂයන් සඳහා ප්‍රායෝගික පරීක්ෂණ නො පැවැත්වුණු බැවින් එම විෂයන් හැර අනෙකුත් විෂයන්වල ප්‍රතිඵලයි එලෙස නිකුත් කෙරුණේ.

කරුණාකර අපේ ෆේස්බුක් පිටුව ලයික් කරන්න!

පාසල් විවෘත කිරීමෙන් පසු එම සෞන්දර්ය විෂයන්වල ප්‍රායෝගික පරීක්ෂණ පවත්වා නැවත එම සිසුන් වෙත ප්‍රතිඵල ලේඛන නිකුත් කරන බව විභාග දෙපාර්තමේන්තුව සඳහන් කළා.

දිවයිනේ සියලු පාසල් වෙත ප්‍රතිඵල ලේඛණ ඉදිරි දින 2 තුළ දී නිකුත් කිරීමට කටයුතු සූදානම් කර ඇති බව ද විභාග දෙපාර්තමේන්තුව ප්‍රකාශ කළා.

එසේම, නැවත සමීක්ෂණ අයදුම්පත්‍ර කැඳවීම ඉදිරියේ දී දැනුම් දීමට නියමිත අතර සෞන්දර්ය ප්‍රායෝගික පරීක්ෂණ සහිත විෂයන්හි ප්‍රතිඵල තීරණය කර නො මැති සිසුන් සඳහා උසස් පෙළ පන්තිවලට ඇතුළත් වීමට අවශ්‍ය අවම සුදුසුකම් සහිත විශේෂිත චක්‍රලේඛය ඉදිරියේ දී අධ්‍යාපන අමාත්‍යාංශය මඟින් නිකුත් කරනු ඇති.

2020 සාමාන්‍ය පෙළ විභාගය සඳහා අයදුම්කරුවන් 622,352ක් මධ්‍යස්ථාන 4,513ක දී පෙනී සිටියා.

පාසල් අයදුම්කරුවන් 423,746 දෙනෙකු සහ පෞද්ගලික අයදුම්කරුවන් 198,606 දෙනෙකු ඊට අයත්.