ආනයනකරුවන්ට ඩොලර් දෙන්න, මහා භාණ්ඩාගාරය සූදානම්
මේ වනවිට වරායේ රඳවා ඇති අත්‍යවශ්‍ය භාණ්ඩ නිදහස් කර ගැනීම සඳහා මුදල් අමාත්‍යාංශය වෙත මෙතෙක් කිසිදු ඉල්ලීමක් ඉදිරිපත් වී නොමැති බව වාර්තා වනවා.
එම අමාත්‍යාංශයේ ලේකම් එස්. ආර්. ආටිගල කියා සිටියේ අවශ්‍ය බැංකු වෙත ඩොලර් නිකුත් කිරීමේ ක්‍රමවේදයක් ද සකස් කර ඇති බවයි.
ඒ අනුව, කිසියම් ආනයනකරුවෙකුට තම අත්‍යවශ්‍ය භාණ්ඩ වරායෙන් නිදහස් කර ගැනීමේදී ගැටලු පවතී නම් ඒ පිළිබඳ දැනුම් දිය යුතු බවයි මුදල් අමාත්‍යාංශ ලේකම්වරයා සඳහන් කළේ.
වරායේ රඳවා ඇති අත්‍යවශ්‍ය භාණ්ඩ නිදහස් කිරීමට වහා කටයුතු කරන ලෙස අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ පසුගියදා රේගු අධ්යක්ෂ ජනරාල්වරයාට සහ ආනයන අපනයන පාලක ජෙනරාල්වරියට නියෝග කර තිබුණා.
ඒ ඩොලර් හිඟයත් සමඟ තම අත්‍යවශ්‍ය භාණ්ඩ නිදහස් කර ගත නොහැකි බවට ආනයනකරුවන්ගේ සංගමය මතු කල කරුණු සැලකිල්ලට ගනිමින්.
මේ අතර, ආනයනික කිරිපිටි මිල රුපියල් 200 කින් වැඩි කළද, තමන්ට කිලෝග්‍රෑම් එකක කිරිපිටි පැකට්ටුවකින් තවදුරටත් රුපියල් 150 ක පමණ පාඩුවක් සිදුවන බව ශ්‍රී ලංකා කිරිපිටි ආනයනකරුවන්ගේ සංගමයේ සාමාජිකයෙකු වන ලක්ෂ්මන් වීරසුරිය ප්‍රකාශ කළා.
එමෙන්ම, වාණිජ බැංකුවලින් ඩොලර් මිලදී ගැනීමට නොහැකි තත්ත්වයක් පවතින බව ද ඔහු සඳහන් කළා.