පුනර්ජනනීය බලශක්ති ව්‍යාපෘති සඳහා යෝජනා කැඳවේ
පුනර්ජනනීය බලශක්ති ප්‍රභවයන්ගෙන් විදුලිබලය උත්පාදනය කිරීම හා සැපයීම සඳහා සූර්ය බල සුළං හා ජල විදුලි ජනන ව්‍යාපෘති සංවර්ධන රාජ්‍ය අමාත්‍යාංශය විසින් යෝජනා කැඳවා තිබෙනවා.
අති විශේෂ ගැසට් පත්‍රයක් නිකුත් කරමින් එලෙස යෝජනා කැඳවා ඇත්තේ ඉදිකිරීම් හිමිකාරීත්වය සහ ක්‍රියාත්මක කිරීම යන පදනම මත අදාළ ව්‍යාපෘති සැකසීමටයි.
මෙරට බලශක්ති උත්පාදනය පුනර්ජනනීය බලශක්තිය වෙත පරිවර්තනය කිරීම සහ ඒ සඳහා පෞද්ගලික අංශයේ ආයෝජකයින් දිරිමත් කිරීම සඳහා මෙම යෝජනා කැඳවනු ලැබූ බව අදාළ ගැසට් පත්‍රයේ සඳහන්.
සූර්ය, සුළං සහ ජෛව ස්කන්ධ වැනි පුනර්ජනනීය බලශක්ති සම්පත් මගින් විදුලිබල උත්පාදනය හා සංවර්ධනය මෙමඟින් අරමුණු කෙරෙනවා.
දේශීය හා විදේශීය වශයෙන් ආයෝජකයින් වෙතින් යෝජනා කැඳවා ඇති මෙම ව්‍යාපෘතියක අවම විදුලි උත්පාදන ධාරිතාව මෙගාවොට් 50ට නොඅඩු විය යුතු අතර, නිපදවන විදුලිය ලංකා විදුලිබල මණ්ඩලය වෙත සැපයිය යුතු වනවා.