නාවලපිටිය අක්කර සියයක මිරිස් වගාවේ අස්වැන්න නෙලීම ඇරඹේ
නාවලපිටිය – ගලබොඩ වතුයායේ අක්කර සියයක වගා කළ මිරිස් අස්වැන්න නෙලීම අද ආරම්භ වුණා.
ඒ, කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අළුත්ගමගේ ගේ ප්‍රධානත්වයෙන්.
මෙරට වාර්ෂික මිරිස් අවශ්‍යතාවය මෙටි්රක් ටොන් 5,000ක් වනවා.
ඒ අනුව හෙක්ටයාර 3,000ක මිරිස් වගා කිරීමටයි කෘෂිකර්ම දෙපාර්තමේන්තුව සැලසුම් කර තිබුණේ.
නාවලපිටිය ප්‍රදේශයේ මිරිස් වගාව එහි පළමු අදියරයි.
වාර්ෂිකව විදේශ විනිමය විශාල ප්‍රමාණයක් පිටරටට ඇදී යාම වළක්වාලමින් මෙරට මිරිස් අවශ්‍යතාවය ඉදිරි වසර 03 තුළදී සපුරා ගැනීම කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ අරමුණයි.