Google සමාගමේ 23 වන උපන් දිනය සමරයි
Google සමාගමේ 23 වන උපන් දිනය අද දිනට යෙදී තිබෙනවා.
එය සැමරීම සඳහා ගූගල් සෙවුම් යාන්ත්‍රණයේ විශේෂ උපන් දින කේක් සැරසිල්ලක් සහිත Doodle එකක් පළ කර ඇත.
ගූගල් පදනම 1997 වසරේදී ආරම්භ කෙරුණ ද, එය සමාගමක් ලෙස නිල වශයෙන් ආරම්භ කරන ලද්දේ, 1998 වසරේ සැප්තැම්බර් මස 27 වනදායි.
1997 වසරේදී ගූගල් සම නිර්මාතෘ සර්ගේ බ්‍රින්, ස්ටැන්ෆර්ඩ් විශ්වවිද්‍යාලයේ ශිෂ්‍යයෙකු වූ අතර, ලැරී පේජ් ස්ටැන්ෆර්ඩ් විශ්වවිද්‍යාලයට අයැදුම් කර තිබුණා.
ඊළඟ වසරේ එනම් 1998 වසරේදී ඔවුන් දෙදෙනා එක්ව ගූගල් සෙවුම් යාන්ත්‍රණය නිර්මාණය කරණු ලැබුවා.
එය, Google Inc. ලෙස නිල වශයෙන් සමාගමක් බවට පත් වූයේ, 1998 වසරේදීයි.
මේ වන විට වෙබ් ශ්‍රේණිගත කිරීම් අනුව ලොව වැඩි ම දෙනෙකු භාවිත කරන වෙබ් පිටුව මෙය වනවා.