වාහන ගෙන්වීමට අවසර දීම ගැන අලුත් ආරංචියක්
වාහන ආනයනයේ දී පැනවෙන බදු ඩොලර්වලින් ගෙවීමට එකඟ වන පුද්ගලයන් වෙත වාහන ආනයනය කිරීම සඳහා අවසර ලබාදීම පිළිබඳව මේ වනවිට සැලකිල්ල යොමුව ඇති බව මහ බැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල් ප්‍රකාශ කළා.
ඒ අනුව මේ සම්බන්ධයෙන් අවශ්‍ය පියවර ගැනීම සඳහා මේ වනවිටත් මහබැංකුව කටයුතු සූදානම් කරමින් පවතින බවයි මහ බැංකු අධිපතිවරයා හිරු පුවත් වෙත ප්‍රකාශ කළේ.
එලෙස ඩොලර්වලින් බදු මුදල් ගෙවීම සඳහා වූ යෝජනා මේ වනවිටත් ඉදිරිපත් ව ඇති බවද මහ බැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල් වැඩිදුරටත් ප්‍රකාශ කළා.
එසේම රට ආර්ථික වශයෙන් ගොඩගැනීමට අවශ්‍ය ආර්ථික උපක්‍රම අනුගමනය කරමින් ඉදිරි පියවර රැසක් සැලසුම් කරමින් සිටින බවද මහ බැංකු අධිපතිවරයා පැවසුවා.