අදත් දිවයිනේ ප්‍රදේශ කිහිපයකට ම වැසි
බස්නාහිර, සබරගමුව, මධ්‍යම හා වයඹ යන පළාත්වලටත් ගාල්ල හා මාතර දිස්ත්‍රික්වලටත් අද දිනයේ දී වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බවට කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරනවා.
ඌව හා නැගෙනෙහිර පළාත්වල ස්ථාන කිහිපයක සවස් කාලයේ හෝ රාත්‍රී කාලයේ දී වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකියි.
මධ්‍යම කඳුකරයේ බටහිර බෑවුම ප්‍රදේශයේත් උතුර, උතුරු මැද, වයඹ, දකුණ හා බස්නාහිර පළාත්වල සුළඟේ වේගය පැයට කිලෝමීටර් 40-50 දක්වා වර්ධනය විය හැකි බව වාර්තා වෙනවා.
වැසි සමඟ ඇතිවිය හැකි බව තාවකාලික සුළං මඟින් ඇති විය හැකි අනතුරු අවම කරගන්නා ලෙසට යි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලා සිටින්නේ.