සියලුදෙනා මුඛ ආවරණ පළඳින්නැයි තේරීපත්වූ අමෙරිකානු ජනපති ඉල්ලයි

අමෙරිකානු ජනාධිපතිවරණයෙන් ජයග්‍රහණය කළ ජෝ බයිඩන් අද (09) දිනයේ සිය කොරෝනා මර්දන කාර්ය සාධක බලකාය නම් කිරීමට නියමිතව තිබේ.

මෙම බලකාය සදහා සාමාජිකයින් 12 දෙනෙකු ඇතුළත් වේ.

කරුණාකර අපේ ෆේස්බුක් පිටුව ලයික් කරන්න!

ජෝ බයිඩන් ගේ  ප්‍රමුඛ කාර්යය වන්නේ කොවිඩ් නයින්ටීන් වෛරසයට එරෙහිව කටයුතු කිරීම බව ඔහුගේ කණ්ඩායම පවසයි.

ඒ අනුව ජෝ බයිඩන්ගේ වැඩපිළිවෙළේ පළමු පියවර නිවේදනය කරමින් ඔහු පවසා ඇත්තේ වැඩි ප්‍රමාණයක් පරීක්ෂණ කටයුතු සිදුකිරීම අවශ්‍ය බවය.

එමෙන්ම මුහුණු ආවරණ පළදින ලෙස සියලු අමෙරිකානුවන්ගෙන් ඔහු ඉල්ලා සිටි බව ද අමෙරිකානු ජනාධිපතිවරයාගේ කණ්ඩායම ප්‍රකාශ කර තිබේ.