සහල් මිල නියම කළ හැක්කේ රජයට පමණයි
වී මිල තීරණය කිරීමට මෝල් හිමියන්ට හැකියාවක් නොමැති අතර, එය සිදුකරනු ලබන්නේ රජය විසින් පමණක් බව කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ ප්‍රකාශ කළා.
ඒ, මහ පරිමාණ වී මෝල් හිමියෙකු වන ඩඩ්ලි සිරිසේන ඊයේ සිදුකළ ප්‍රකාශයකට පිළිතුරු ලබාදෙමින්.
සහල් සඳහා පනවා තිබූ පාලන මිල ඉවත් කිරීමට අමාත්‍ය මණ්ඩලය පෙරේදා තීරණය කළ නමුත්, ඊට අදාළ ගැසට් නිවේදනය මේ දක්වා නිකුත් කර නැහැ.
කෙසේ වෙතත්, ඊයේ මාධ්‍ය හමුවක් කැදවමින් ව්‍යාපාරික ඩඩ්ලි සිරිසේන, මෝල් හිමියන් ඉදිරියේදී සහල් සහ වී අලෙවි කරන නව මිල ගණන් ප්‍රකාශයට පත් කළා.
ඔහුගේ ප්‍රකාශයට කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ කොළඹ අද පැවති මාධ්‍ය හමුවකදී ප්‍රතිචාර දක්වා සිටියා. එහිදී අමාත්‍යවරයා කියා සිටියේ ව්‍යාපාරික ඩඩ්ලි සිරිසේනට මෙරට සහල්වල මිල තීරණය කළ නොහැකි බවයි.
අමාත්‍යවරයා එලෙස ප්‍රකාශ කළද දිවයිනේ බොහෝ ප්‍රදේශවල සහල් අලෙවි වූයේ ඩඩ්ලි සිරිසේන ඊයේ ප්‍රකාශ කළ මිල ගණන් යටතේයි.