ජපානයේ අගමැති ධුරය වෙනස් වෙයි

ජපාන අග්‍රාමාත්‍ය යොෂිහිඩේ සුගා ඉවත් වීමෙන් පසු පුරප්පාඩුව පවතින ලිබරල් ඩිමොක්‍රටික් පක්ෂයේ නායකත්වයට හිටපු විදේශ අමාත්‍ය ෆුමියෝ කිෂිඩා පත්වී තිබෙනවා.

නායකයෙකු තෝරා ගැනීම සඳහා අද පැවති ඡන්දය ෆුමියෝ කිෂිඩා ජය ගනු ලැබුවේ ජපානයේ ජනප්‍රිය දේශපාලකයෙකු වූ ටාරෝ කොනෝ පරදවමින්.

කරුණාකර අපේ ෆේස්බුක් පිටුව ලයික් කරන්න!

ජපාන අග්‍රාමාත්‍ය ධුරය පාලක පක්ෂයේ නායකයාට හිමි වන අතර ඒ අනුව ෆුමියෝ කිෂිඩා එරට 100 වන අග්‍රාමාත්‍යවරයා ලෙස ඉදිරියේදී දිවුරුම් දෙනු ඇති.