නිරෝධායන ඇඳිරි නීතිය ඉවත් කිරීමෙන් පසුව හෙට දිනයේ සිට පවත්වාගෙන යා යුතු සෞඛ්‍ය මාර්ගෝපදේශ ….
නිරෝධායන ඇඳිරි නීතිය ඉවත් කිරීමෙන් පසුව හෙට දිනයේ සිට රට විවෘතව කිරීමෙන් පසු පවත්වාගෙන යා යුතු සෞඛ්‍ය මාර්ගෝපදේශ නිකුත් කර තිබේ.
සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල්වරයා විසින් එම සෞඛ්‍ය මාර්ගඋපදේශ නිකුත් කර ඇත.
ඒ අනුව පලාත් අතර මගී ප්‍රවාහන සේවා ක්‍රියාත්මක කිරීමට තවදුරටත් අවසර හිමි නොවෙයි.
පළාත් තුළ මගී ප්‍රවාහනයේ දී බස් රථ වල ගමන් කළ හැක්කේ ආසන ගණනට පමණි.
මංගල උත්සව ලියා පදිංචි කිරීමට සඳහා පමණක් අවසර ඇති අතර ඒ සඳහා සහභාගි විය හැකි පිරිස උපරිම වශයෙන් පස් දෙනෙකි.
අවමගුල අවස්ථාවන් සඳහා සහභාගි වීම දස දෙනෙකු පමණි.
ජනහමු, සංගීත සංදර්ශන, සාද, ප්‍රිය සම්භාෂන සඳහා අවසර නොලැබේ.