දේශපාලන පක්ෂ ලියාපදිංචියට නව වැඩපිළිවෙළක්

දේශපාලන පක්ෂ ලියාපදිංචිය සඳහා නව වැඩපිළිවෙළක් සැකසිය යුතු බව මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති නීතිඥ නිමල් පුංචිහේවා ප්‍රකාශ කර තිබෙනවා.

ඒ, මැතිවරණ සහ ඡන්ද විමසීම් ව්‍යුහයේ හා නීති රීතිවල ප්‍රතිසංස්කරණ හඳුනා ගැනීමටත් ඒ සම්බන්ධයෙන් අවශ්‍ය සංශෝධන ඉදිරිපත් කිරීමටත් වන පාර්ලිමේන්තු විශේෂ කාරක සභාව ඊයේ රැස් වූ අවස්ථාවේදි යි.

පක්ෂ ලියාපදිංචි කිරීමේ නිර්ණායකවල ගැටලු ද මේ වනවිට මතු ව ඇති බවත් ඇතැම් දේශපාලන පක්ෂ දිස්ත්‍රික්කයකට පමණක් සීමා වී ඇති බවත් මැතිවරණ කොමිෂන් සභාවේ සභාපතිවරයා එහි දී වැඩිදුරටත් සදහන් කර තිබෙනවා.

එසේම ස්වාධීන කණ්ඩායම්වලට පමණක් සීමා වී ඇති ඇප මුදල් තැන්පත් කිරීම පිළිගත් දේශපාලන පක්ෂ සඳහා ද සිදුකළ යුතු බවයි මැතිවරණ කොමිෂන් සභාවේ මතය වී ඇත්තේ.