ප්‍රදේශ කිහිපයක ජල ගැටලු
රුපියල් ලක්ෂ 80ක වියදමින් ජල ව්‍යාපෘතියක් ආරම්භ කළද එහි කටයුතු අතරමග නතරවීමෙන් හාලිඇල කිරින්ද ප්‍රදේශයේ ජනතාව උග්‍ර පානීය ජල ගැටළුවකට මුහුණ දී සිටිනවා.
ඔවුන් බලධාරීන්ගෙන් ඉල්ලා සිටින්නේ හැකි ඉක්මනින් සිය ගැටළුවට විසඳුම් ලබා දෙන ලෙසයි.
හාලිඇල කිරින්ද දරගලපතන ගම්වැසියන් කලක පටන් ජලය නොමැතිමින් පීඩාවට පත්ව සිටිනවා.
ගම්වාසීන්ට බීමට ජල බිඳක් සොයා කිලෝමීටර් ගණනක දුරක් ගෙවා යාමට සිදුව තිබෙන්නේ කලක සිටයි.
දැනට වසරකට පමණ පෙර ප්‍රජා ජල දෙපාර්තමේන්තුව මගින් රුපියල් ලක්ෂ 80ක වියදමින් ප්‍රජා ජල ව්‍යාපෘතියක්ද ආරම්භ කෙරුණේ මෙම ගැටලුවට විසදුමක් ලෙසයි.
ඒ සඳහා එක් නිවසකින් රුපියල් 1500ක මුදලක්ද අයකර තිබෙනවා.
කෙසේ වුවත් ගම්වාසීන් පවසන්නේ එම ව්‍යාපෘතියේ කටයුතු මේ වනවිට ඇණ හිට ඇති බවයි.
ඒ හේතුවෙන් ගම්මානයේ පවුල් 80ක් පමණ තවමත් ජල ගැටලුවෙන් පීඩා විඳිනවා.