පාසල් 3000ක් ආරම්භ කිරීමට අධ්‍යාපන අමාත්‍යාංශයේ සූදානමක්
පළමු අදියර යටතේ පාසල් 3,000 ක් ආරම්භ කිරීමට සැළසුම් කර ඇති බව අධ්‍යාපන අමාත්‍යාංශය ප්‍රකාශ කළා.
ඒ සම්බන්ධයෙන් අධ්‍යාපන අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන, පළාත් ආණ්ඩුකාරවරුන් සමඟ ඊයේ සාකච්ඡාවක්ද පවත්වා තිබෙනවා.
කොරෝනා වසංගතය හේතුවෙන් පාසල් දීර්ඝ කාලයක සිට වසා දමා ඇති අතර, සිසුන් 200ට අඩු පාසල්වල ප්‍රාථමික ශ්‍රේණි, සිසුන් 100ට අඩු පාසල්වල සියළුම ශ්‍රේණි හා තවත් තෝරා ගත් නිර්ණායක කිහිපයක් යටතේ පාසල් පළමු අදියර යටතේ විවෘත කිරීමටයි තීරණය වී ඇත්තේ.
මේ වනවිට කාලයක් භාවිතයට නොගැනීම හේතුවෙන් පාසල් පරිශ්‍ර, පන්ති කාමර, ඩෙස් පුටු උපකරණ අපවිත්‍ර වී තිබෙනවා.
ඒවා පිරිසිදුකිරීම් සහ ප්‍රතිසංස්කරණය කිරීමේ වැඩපිළිවෙලක් පළාත් ආණ්ඩුකාරවරුන් මැදිහත්වී ක්‍රියාත්මක බවයි අධ්‍යාපන අමාත්‍යාංශය නිවේදනය කළේ.