ජපානය සහ ඉන්දියාව සමඟ අම්පාර යුද හමුදා සටන් පුහුණු පාසලේ දී යුද අභ්‍යාස
ඉන්දු – ලංකා යුද හමුදා අතර වාර්ෂික ව පවත්වන මිත්‍ර ශක්ති යුද අභ්‍යාසය අම්පාර යුද හමුදා සටන් පුහුණු පාසලේ දී අද ආරම්භ වනවා.
ඒ සඳහා සහභාගි වන ඉන්දීය යුද හමුදා භටයින් 120 දෙනෙකු පෙරේදා දිවයිනට පැමිණියේ මත්තල ගුවන් තොටුපොළින්.
අද ආරම්භ වන යුද අභ්‍යාසය ලබන 16 වැනි දා තෙක් පැවැත්වෙනු ඇති.
දෙරටේ හමුදා අතර මිත්‍රත්වය වර්ධනය කරගැනීම සහ අත්දැකීම් හුවමාරුව අරමුණු කරගනිමින් වාර්ෂික ව පැවැත්වෙන මෙම යුද අභ්‍යාසය පළමුවරට ආරම්භ කරනු ලැබුවේ 2012 වසරේදි යි.
එසේම මෙම යුද අභ්‍යාසයට සහභාගි වීම සඳහා ඉන්දීය යුද හමුදාපතිවරයා මෙරට සංචාරයක නිරතවීමට නියමිත බව ද වාර්තා වනවා.
මේ අතර ජපානයට අයත් විශාල ම යුද නෞකා තුනක් වන කාගා, මුරසාමේ සහ ෆුයුෂුකි නෞකා ත්‍රිත්වය නිල සංචාරයක් සඳහා කොළඹ වරායට සේන්දු වුණා.
ෆුයුෂුකි නෞකාව මේ වනවිට මෙරටින් පිටත් ව ගොස් ඇති අතර, අනෙක් නෞකා දෙක නාවික හමුදාව සමඟ බටහිර මුහුදේ අද පැවැත්වෙන ජා – ලාන් එක්ස් ඒකාබද්ධ නාවික හමුදා අභ්‍යාසයට එක්වීමට නියමිතයි.