සංචාරක ඇමති ප්‍රංශයට
අන්තර්ජාතික ප්‍රංශ සංචාරක වෙළඳ ප්‍රදර්ශනයකට සහභාගි වීම සදහා සංචාරක අමාත්‍ය ප්‍රසන්න රණතුංග ඇතුළු නියෝජිත පිරිසක් දිවයිනෙන් පිටත්ව ගොස් තිබෙනවා.
ලබන 8 වනදා දක්වා මෙම ප්‍රදර්ශනය ප්‍රංශයේ පැරිස් නුවර පැවැත්වෙනු ඇති.
ලබන මස පළවනදා සිට ශ්‍රී ලංකාවට නව ගුවන් ගමන් ආරම්භ කරන එයාර් ෆ්රාන්ස් ගුවන් සමාගමේ නියෝජිතයන් සමඟ ද අමාත්‍යවරයා සාකච්ඡා කිරීමට නියමිත බවයි සංචාරක අමාත්‍යාංශය වැඩිදුරටත් සඳහන් කළේ.