වෛද්‍ය විද්‍යාව පිළිබඳ නොබෙල් ත්‍යාගය ඇමෙරිකානු විද්‍යාඥයන් දෙපලකට
ඒ මේ වසරේ නොබෙල් ත්‍යාගලාභීන් ප්‍රකාශයට පත් කිරීම ආරම්භ කරමින්.
ජූලියස් සහ ආඩෙම් යන විද්‍යාඥයන් දෙදෙනාට මෙලෙස වෛද්‍ය විද්‍යාව පිළිබඳ නොබෙල් ත්‍යාගය පිරිනැමෙන්නේ මිනිස් සිරුරේ උණුසුම සහ ස්පර්ශ සංවේදක පිළිබඳ ඔවුන්ගේ නව සොයා ගැනීම් වෙනුවෙන්.
අප අවට ලෝකයට ප්‍රතිචාර දක්වමින් ජීවය පවත්වා ගැනීම සඳහා එම සොයා ගැනීම විශේෂයේ වැදගත් වන බවයි නොබෙල් ත්‍යාග කමිටුව වැඩිදුරටත් ප්‍රකාශ කළේ.