ෆේස්බුක් බිඳ වැටීමට හේතුව හෙළි වෙයි

ෆේස්බුක්, වට්ස්ඇප් සහ ඉන්ස්ටග්‍රෑම් යන සමාජ මාධ්‍ය ඊයේ හදිසි බිඳ වැටීමකට ලක්වූයේ එහි රවුටර් පද්ධතියේ වැරදි සහගත ආකෘති වෙනසක් නිසා බව අනාවරණ වී තිබෙනවා.

මේ නිසා ෆේස්බුක් සමාගම සතු එම සමාජ මාධ්‍යවල කෝටි 350 ඉක්ම වූ පරිශීලකයින්ට මෙම ජනප්‍රිය මාධ්‍ය වෙබ් අඩවි වෙත පිවිසිය නො හැකි වුණා.

කරුණාකර අපේ ෆේස්බුක් පිටුව ලයික් කරන්න!

කෙසේ නමුත්, එම සමාජ මාධ්‍ය අද අලුයම් කාලයේ යළි සක්‍රිය වූ බවයි ෆේස්බුක් ආයතනය ප්‍රකාශ කළේ.

එහි නිර්මාතෘ මාර්ක් සකබර්ග් පැය 06කට ආසන්න කාලයක් පැවති මෙම බිඳ වැටීම සම්බන්ධයෙන් පරිශීලකයින් වෙතින් සමාව අයැද සිටියා.

මේ අතර, ෆේස්බුක් සමාජ මාධ්‍ය බිඳ වැටීමකට ලක්වද්දී තවත් ජනප්‍රිය සමාජ මාධ්‍යයක් වන ට්වීටර් සමාජ මාධ්‍ය වෙත පරිශීලකයින් විශාල වශයෙන් යොමුවීමක් දක්නට ලැබුණා.