මහ වැසි නොතකා සජිත් ගොවි දුක දෑහින් බලන්න කුඹුරට බසී! – VIDEO
වෙනදා වගා බිමට ගිය ගොවියාට මෙදා අධිකරණයට යන්නට සිදුව ඇති බවත් රටට කන්න දුන් ගොවිජනතාව ආණ්ඩුව විසින් කබලෙන් ලිපට ඇද දමා ඇති බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය .
ගොවි ජනතාවගේ ගැටලු පිළිබඳ විමසන “ගොවි හදගැස්ම” වැඩසටහනේ දෙවැනි පියවර ලෙස තිස්සමහාරාම බෙරලිහෙල අතිරේක භෝග ලෙස මුං වගාව සිදුකරන ගොවීන්ගේ ගැටලු විමසීමට විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ඊයෙ (04) පැමිණි අතර එම ප්‍රදේශයේ ගොවි ජනතාව සමඟ දීර්ඝ වශයෙන් අදහස් හුවමාරු කරගත්තේය.
අතිරේක බෝග වගාවන්හි යෙදෙන ගොවීන් ලෙස ඔවුන් මුහුණ දෙන ගැටලු පුළුල් ලෙස එහිදී සාකච්ඡාවට ගැනුණු අතර විශේෂයෙන්ම , ඔවුන්ගේ අස්වැන්නට නිසි වෙළඳපොලක් නොමැතිවීම ,පොහොර සහ බීජ හිඟය ,අස්වැන්න කල් තබා ගැනීමේ ක්රමවේදහි පවත්නා ගැටලු,මුං ඇට වගාව සදහා සේන දළඹුවාට සමාන දළඹුවන් බෝවීම වැනි ගැටලු පිළිබඳව එහිදී විශේෂ අවධානයක් යොමු විය.
වර්තමාන ආණ්ඩුව බලයට පත්වූයේ ගොවි ජනතාවගේ කරමතින් බව පැවසූ විපක්ෂ නායකතුමා ආණ්ඩුව අද වන විටත් සමස්ත ගොවි ජනතාව අමතක කොට ඇති බවද පැවසීය .අතිරේක බෝග වගා කරන ගොවීන්ගේ තත්වය ද අන්ත අසරණ අඩියට වැටී ඇති බව පැවසූ විපක්ෂ නායකතුමා ආණ්ඩුව ඉතා වේගයෙන් රටට සාගතය ගෙන්වා ගනිමින් සිටින බවද පැවසීය.එන්නට නියමිත සාගතයේ වග උත්තරකරුවන් ආණ්ඩුව මිස වෙන කිසිවක් නොවන බව පැවසූ විපක්ෂ නායකතුමා ,ඊට හේතුව වන්නේ ආණ්ඩුවේ අන්තනෝමතික කෘෂිකාර්මික පිළිවෙත බව ද පැවසීය.