සමගි ජනබලවේගයෙන් ශ්‍රේෂ්ඨාධිකරණයට මූලික අයිතිවාසිකම් පෙත්සමක්

රජය විසින් මෙරට ජාතික සම්පත් විදෙස් සමාගම් වලට ලබා දෙනවා යැයි කියන සිද්ධියට එරෙහිව ගත යුතු ක්‍රියාමාර්ග සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමට සමගි ජන බලවේගයේ මහ ලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී රංජිත් මද්දුම බණ්ඩාරගේ ප්‍රධානත්වයෙන් යුත් ජාතික මෙහෙයුම් කමිටුවක් පත් කරන බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස ප්‍රකාශ කළා.

ඔහු මේ බව සඳහන් කළේ ජාතික සම්පත් විකිණීමට එරෙහි තෙල්, වරාය සහ විදුලි ඒකාබද්ධ සන්ධානයේ වෘත්තීය සමිති නියෝජිතයින් සමග අද විපක්ෂනායක කාර්යාලයේ පැවති සාකච්ඡාවකදීයී.

විපක්ෂනායක කාර්යාලයේ පැවති මෙම සාකච්ඡාව සඳහා වරාය, ඛණිජ තෙල් නිීතිගත සංස්ථාව සහ ලංකා විදුලිබල මණ්ඩලය නියෝජනය කරන වෘත්තීය සමිතිවල නායකයින් එක්ව සිටියා.

මේ අතර, රසායනික පොහොර අලෙවි කිරීම සහ භාවිත කිරීම තහනම් කරමින් පසුගිය අප්‍රේල් 27 වනදා අමාත්‍ය මණ්ඩලය අනුමත කරන ලද යෝජනාව බල රහිත කරන ලෙස ඉල්ලා සමගි ජනබලවේගය අද ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ මූලික අයිතිවාසිකම් පෙත්සමක් ගොනුකළා.